දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Sunday, March 30, 2014

උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සැඟවුණු තැන මෙන්න - Place Where the Auspiciuos Sword of King at Udugampola Hidden

ඩිංගිරි කඩුව කියන්නේ අපේ රටේ විතරක් නෙවෙයි, ගම්පහ ප්රදේශයේ ජීවත් වෙන අයගෙනුත් සියයට එකක් වත් නොදන්නා ස්ථානයක්. නමුත් බොහෝ දෙනෙක් නොදැන හිටියට මේ ඩිංගිරි කඩුව මුල් කරගත් ඉතා රසවත් ඓතිහාසික ජන කතාවක් තියනවා. මේ ඩිංගිරි කඩුව කියන්නේ සියනෑ කෝරලයෙන් ඇරඹී ජාඇල හැටියට මීගමු කලපුවට එක්වන ඌරුවල් ඔයේ එක් ස්ථානයක්. මේ ඌරුවල් ඔය ගැන තිසර සංදේශයේ පවා සඳහන් වෙලා තියනවා. මේ ඩිංගිරි කඩුවේ ස්ථානීය පිහිටීම හරියටම කිව්වොත් ඒක අයිති වෙන්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයට සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති අංක 216 බී තිබ්බටුගොඩ ග්රාම නිලධාරී වසමට, ගම්පහ, ජාඇල, කඩවත කියන නගර වලට මැදිවෙලා තියන ගණේමුල්ල නගරයේ ඉඳන් ඩිංගිරි කඩුවට දුර කිලෝ මීටර් දෙකක් විතර ඇති. ගණේමුල්ල ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය නැවතුම්පළකුත් නිසා ගමනා ගමන පහසුවත් උපරිමයි.
සකල කලා වල්ලභ කියන්නේ අපේ රටේ රජකම් කරපු වීර නරපතියන් ගෙන් කෙනෙක්. මෙතුමන්ගේ රාජධානිය වුණේ ගම්පහට ආසන්නතම වර්තමාන උප නගරයක් වුණු උඩුගම්පොළ. මේ සකල කලා වල්ලභ කියන්නේ කිස්තු වර්ෂ 1477 ත් 1496ත් අතර කෝට්ටේ රජකම් කරපු අට වෙනි වීර පරාක්රම බාහු රජතුමාගේ පුතෙක්. මේ අටවෙනි වීර පරාක්රම බාහු හැටියට කෝට්ටේ රජ වෙන්නේ අම්බුළුගල කුමාරයාහැටියට ජන ප්රවාදවල එන කුමාරයයි. කෝට්ටේ යුගයේ සුවිශේෂතම නරපතියා වන හය වෙනි පරාක්රමබාහු රජතුමා තමයි මෙතුමාගේ පියා. ඉතිහාසයේ දැක්වෙන විදිහට අටවෙනි වීර පරාක්රම බාහු රජතුමා සරණ පාවා ගන්නේ කීරවැල්ලේ කුමාරියක්. කීරවැල්ලේ පෙළපත රූමත් රජකුමාරිකාවන් සම්බන්ධයෙන් හරිම ප්රසිද්ධයි. කොහොම හරි අපේ කතා නායකයා වන උඩුගම්පොළ සකල කලා වල්ලභ රජතුමා අටවෙනි වීර බරාක්රමබාහු රජුට දාව බිසවගේ නැගණියකගේ කුසින් උපන් කුමරුවෙක් බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සමහර විට රජතුමාගේ බිසව අකාලයේ මිය ගියාට පස්සේ රජතුමා බිසවගේ නැගෙණිය සරණ පාවා ගත්තා වෙන්න පුළුවන්. කොහොමත් බිසවට දාව තවත් කුමාරයෙක් මෙලොව එළිය දැක තිබෙනවා. තමයි තනිය වල්ලභ කුමාරයා. සකල කලා වල්ලභ රජතුමා උඩුගම්පොළ රජ කරන අතරේ මේ තනිය වල්ලභ කුමාරු මාදම්පේ ප්රාදේශීය රාජ්යයක් පිහිටුවා ගන්නවා. මේ කුමාරයා තමයි පස්සේ කාලෙක මාදම්පේ දේවාලයට අධිපතිව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත් වෙන්නේ. ඔබටත් මතක ඇතිනේ අර කොළඹ හලාවත, පුත්තලම පාරේ තියන අර අශ්ව රූපය කියන මාදම්පේ තනිවැල්ලේ දේවාලය.

ඉතින් මේ සකල කලා වල්ලභ, තනිය වල්ලභ කියන අයියා මලෝ යුද්ධයට වගේම කෘෂි කර්මාන්තයටත් උපන් හපන්නු. විශේෂයෙන් උඩුගම්පොළ සකල කලා වල්ලභ රජතුමා ලක් ඉතිහාසයේ විසූ සුවිශිෂ්ටතම ගොවි රජෙක්. අදත් මුළු රටේම ප්රසිද්ධ කාලේ අක්කර දහතුන්දාහකට ආසන්න ප්රමාණයක් තිබුණු මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාත් එතුමායි. කොහොම හරි දාහත් වෙනි සියවසේ මේ ප්රදේශය අත්පත් කරගත්තු ඕලන්දක්කාරයෝ කැලණි ගඟයි, දඬුගම්ඔය (අත්තනගලු ඔය) යි යා කෙරෙන පාරු ඇලක් කැපීම හින්දා කරදිය මුසු වෙලා මුතුරාජවෙල වී වගාවට මළබෙර වැයෙන්නපටන් ගත්තා. අදත් ගම්මු ඒකට කියන්නේ මෝඩ ඇලකියලා. කොහොම හරි උඩුගම්පොළ සකල කලා වල්ලභ රජතුමා තුළ තිබුණු කෘෂිකර්මය සම්බන්ධ මේ විශ්ම කර්ම හැකියාව හින්දා වත්මන් ගම්පහ දිස්ත්රික්කයේ තිබුණු පහත් බිම් සියල්ලම පාහේ සරුසාර කුඹුරු යායන් බවට පත් කළා. අදත් තම්මිට (තඹවිට), උදම්මිට (උදම් විට) අකරවිට, කිරිඳිවිට, මාකේවිට, රත්මලවිට ආදී විටවශයෙන් අවසන් වන නම් සහිත ගම්මාන රාශියක් මෙතුමා අස්වැද්දූ කුඹුරු යායන් බව හඳුනා ගෙන තිබෙනවා. නමුත් මේ සියලු කෙත්වතු අතුරින් රජතුමාගේ විශේෂ ආදරයට ලක් වුණු කෙත් යායකුත් තිබුණා. ඒක හැඳින්වුණේ සම්බාකෙතනමින්. මොකද කුඹුරු යායේ අස්වද්දා තියෙන්නේ සම්බා විතරමයි.

වක් මඟක් ඔස්සේ ගමන් ගන්නා ඌරුවල් ඔය දෙපසින් පිහිටි මේ සම්බාකෙතට නිතර යාම ඊම එකල රජතුමාගේ සිරිතක්ව තිබුණා. මාතෘකාවට මුල්වන ඌරුවල් ඔයේ ඩිංගිරි කඩුව නම් ස්ථානය තියෙන්නෙත් මේ සම්බාකෙත ආශ්රිතව. මේ සම්බාකෙත නැරඹීමට එන රජතුමා වාඩිලා ගත් බව කියන ගිම්හාන උද්යානය අදත් වාඩියවත්තනමින් හැඳින්වෙනවා.


මේ සකල කලා වල්ලභ රජුට පුත් කුමරුවන් සත් දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන්. වරක් රජතුමා මේ සම්බාකෙත අසිරිය දැක බලා ගැනිමට පැමිණෙන්නේ තම මැති ඇමැතිවරුන් වගේම ඩිංගිරිනම් කුඩා පුත් කුමරුවකුත් සමඟ. ඉතින් සුපුරුදු විදිහටම වාඩිය වත්තේ වාඩිලා ගන්නා රජතුමා එතැන් සිට ඌරුවල් ඔය දක්වා වැටී ඇති වාඩිඔය හෙවත් වාඩි ඇල ඔස්සේ පාරුවකින් මේ සම්බාකෙත බලන්න යනවා. එතනදී කුඹුරට බසින රජතුමා තම ඉණ රැඳි මඟුල් කඩුව තමන්ගේ හිතවත්ම අමාත්යවරයාට දෙනවා. එය පැළඳ කුඹුරට බැසීම අසීරු නිසා. පිය රජතුමා කුඹුරට බැස්සාට පසුව පුංචි පුත් කුමරා මේ මඟුල් කඩුව ඉල්ලා ඇමැතිවරයාට කරදර කරනවා. දැන් ඇමතිවරයාට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද මේ ඉල්ලීම කරන්නේ රජකුමාරයා නිසා. නිසා පරිස්සමින් ටික වේලාවක් තියාගෙන සිට ආපසු දෙන ලෙස ඉල්ලමින්  ඇමැතිවරයා රජුගේ මඟුල් කඩුව කුමාරයා අතට පත් කරනවා. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියා කියමනකුත් තියනවනේ. අන්න වගේ, ඩිංගිරි කුමාරයත් මොකද කරන්නේ, පිය රජතුමාගේ මඟුල් කඩුව අතට අරගෙන ඒක මේ අත ලෙලවමින් ශිල්ප දක්වන්න පටන් ගත්තා. ඒත් කුමාරයා පුංචි නිසාත් කඩුව හුඟාක් බර නිසාත් ඒක කුමාරයාගේ අතින් ගිලිහිලා ගිහින් අර ඌරුවල් ඔය මැද්දට පතිත වෙන්නේ නැතැයි. මේ සිද්ධිය දැක්ක ගමන් ඇමැතිවරයාගේ සිහි විකල් වෙනවා. ඇයි ඉතින් තමන්ගේ භාරයේ තිබිය දී රජ්ජුරුවන්ගේ මඟුල් කඩුව නැති වුණා කියන්නේ සුළුපටු සෙල්ලමක්ද? කොහොම හරි මේ මඟුල් කඩුව නැවත රජතුමාගේ අතට පත් නොකළොත් මරණය නියත බව දැන ගන්නා ඇමැතිවරයා මොහොතක්වත් නොරැඳී කඩුව වැටුණු ස්ථානයටම පනිනවා.


ඒත් ඊට පස්සේ කඩුව ගැන තියා ඇමැතිවරයා ගැනවත් හෝඩුවාවක් නැහැ. කොහොම නමුත් ඊට පස්සේ රජතුමා තවත් රාජපුරුෂයන් සෑහෙන පිරිසකට දියට වැටුණු කඩුව ගැනීමට අණ කරනවා. ඒත් දියඹට බසින කිසිම කෙනෙක් යළි ගොඩට එන්නේ නැහැ. එතකොට තමයි කාටත් තේරුම් යන්නේ මේක බහිරවයා අරක් ගත්තු තැනක් බව. ඔන්න ඔහොම තමයි, ඌරුවල් ඔයේ ඔය ස්ථානයට ඩිංගිරි කඩුව කියන නම පටබැඳුණේ. කොහොම හරි ඊට පස්සෙත් ඔය ඩිංගිරි කඩුව කියන තැන දිගින් දිගටම මිනිසුන් බිලි ගන්න තැනක් වුණා. ඊට පස්සේ තමයි ප්රදේශයේ ජනතාව තිබ්බටුගොඩ පුරාණ සුගතාරාම විහාරයේ සති පිරිත් පින්කම් පවත්වලා ඩිංගිරි කඩුවට පිරිත් පැන් ඉහලා බහිරව උවදුර දුරු කරලා තියෙන්නේ. කාලයේ කෘෂිකාර්මික සංවර්ධනය නිසා අතීත සම්බාකෙතට අයිති ගණේමුල්ලේ තිබ්බටුගොඩ සහ හොරගොල්ල කියන ගම්මාන මොන තරම් සශ්රීකව පැවතුණා යන්නට තිබ්බටුගොඩ පුරාණ සුගතාරාම විහාරයේ මහනුවරට අයත් බිතු සිතුවම් සහිත බුදු මැදුර එක් නිදසුනක් විතරයි. මේ පුදබිම මේවන විට පුරා විද්යා රක්ෂිතයක්.

අපේ රටේ කුඹුරු ආශ්රිත ගම් වෙලයන නමින් හැඳින්වීම පොදු දෙයක්. පොල්ගහවෙල, මාදිවෙල, උකුවෙල, ගොඩකවෙල පල්ලේවෙල ආදී වෙලයනුවෙන් හැඳින්වෙන ග්රාම නාම දහස් ගණනක් අප රටේ තිබෙනවා. නමුත් කෙතයනුවෙන් අවසන් වන ග්රාම නාම ඇත්තේ ඉතාම අල්ප වශයෙන්. සඳහා ගත හැකි හොඳම නිදසුනක් තමයි හඟුරන්කෙතශ්රී ලංකාවේ මුල්ම පුරාවිද්යා කොමසාරිස් පදවිය හෙබවූ එච්.පී.සී. බෙල් සූරීන් අපේ රටේ පළමු පුරාවිද්යා ගවේෂණ කෘතිය වන කෑගලු වාර්තාවේසඳහන් කරන විදිහට කෙතකියන්නේ අනිවාර්යෙන්ම රජ කෙනකුට අයිති ගොඩ හෝ මඩ බිම් යායකටයි. කෙසේ හෝ මේ සම්බාකෙතආශ්රිත හොරගොල්ල ගම්මානය පසුව සම්බාගම වී ඊටත් පසුව යන්නට යන්න ආදේශ වීමේ සිංහල භාෂා නියාමය අනුව එය හම්බාගමයනුවෙන් කලක් ව්යවහාර වී තිබෙනවා.


කෙසේ හෝ ගණේමුල්ල ජාඇල අංක 278 දරන බස් මාර්ගය ඔස්සේ කිලෝ මීටරයක දුරක් පැමිණ තිබ්බටුගොඩ ගැමුණු මාවත ඔස්සේ තවත් කිලෝ මීටරයකට ආසන්න දුරක් යාමෙන් ඔබට මෙම ඓතිහාසික පුරාවෘත්තයට මුල් වූ ඩිංගිරි කඩුවනම් ස්ථානයට ළඟා විය හැකියි. නමුත් ගමනේ දී කුමන අරමුණක් පෙරදැරිව හෝ දියට බැසීම නම් කෙසේවත් අනුමත කරන්න බැහැ. මොකද බහිරවයා බිලි ගැනීම කෙසේ වෙතත් තවමත් එම ස්ථානයේ දිය අනතුරු සිදුවීමේ පැහැදිලි හැකියාවක් පවතින නිසා

සිතුවම් - නිරෝෂන් කරුණාතිලක

1 comment:

  1. http://sirilakasarisara.blogspot.com/2014/06/what-happened-to-auspicious-sword-of.html?

    ReplyDelete