දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Wednesday, June 18, 2014

අත්භූත ලෙසින් පෙම් සටන දිනූ ‛කිරිබොන ඈපා’ - Kiribona Epa who won his love through a strange way

දුනුමාලේ ගම්මානය

උඩුගම්පොළ සකලකලාවල්ලභ රජු මැරීමට රජක බිසවගෙන් මෙලාව එළිය දුටු පුතුන් හත් දෙනා කළ කුමන්ත්රණය ගැන අපි කතා කළා. කොහොම හරි මේ කුමන්ත්රණය හෙළිවීමත් සමඟ රාජ උදහසින් හිස් ගැසුම් කෑම වැළැක්වීමට රජක බිසව තම පුතුන් හත් දෙනා එක් එක් අප්රකට දිසාවන්ට පිටත් කර හැරියා.

මේ පුතුන් හත් දෙනාගෙන් බාලම පුතා හැඳින්වුණේ කිරිබොන ඈපානමින්. කියනකොට මේ කුමාරයා යන්තම් දැළි රුවුල් ආපු නව යොවුන් කොලු ගැටයෙක්. තමන්ගේ  පිය රජුගේ උදහසින් බේරීම සඳහා කිරිබොන ඈපා පැන ගියේ වත්මන් ගම්පහ සහ කෑගලු දිස්ත්රික් මායිමේ, එහෙම නැත්නම් බස්නාහිර සහ සබරගමු පළාත් මායිමේ පිහිටි මහකන්දනම් වනගත ප්රදේශයට.

ප්රදේශයේ අප්රකට වේශයෙන් ටික කලක් ජීවත් වුණු මේ කුමාරයා දවසක් ඊට නුදුරු ගම්මානයක කුඩා නිවසක් ඉදිරියෙන් ඇවිදගෙන යන අතරේ එහි ගෙමිදුල අමදිමින් සිටි රූමත් යුවතියක් දැක්කා. කුමාරයා මේ යුවතිය හා කුලුපග වුණා. පසුව මේ දෙදෙනා පෙමින් බැඳුණා. ඉන් පස්සේ කුමාරයා මේ යුවතියට විවාහ යෝජනාවක් කළා.

අපේ පවුල්වල දෙමාපියන්ගේ අවසර නැතිව විවාහ සිදුවන්නේ නැහැ. හින්දා ඇවිත් දෙමාපියන්ගෙන් අවසර ගන්න.

යුවතිය කිරිබොන ඈපාට කිව්වා. අනුව කිරිබොන ඈපා වටිනා මාලයක් අරගෙන තරුණියගේ දෙමාපියන් මුණගැසීමට ගියා. එහෙත් වෙනකොට අප්රකට වේශයෙන් ජීවත් වුණු කිරිබොන ඈපා කාගේ කවුද කියා ගමේ කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. ආතක් පාතක් නැති තරුණයකුට තම දියණිය දීග දෙන්නට බැරි නිසා දෙමාපියෝ කිරිබොන ඈපාගේ මංගල යෝජනාව ප්රතික්ෂේප කළා. සාමාන්යයෙන් පුද්ගලයකු වශයෙන් එවැනි අවස්ථාවක කළ යුත්තේ බිඳුණු බලාපොරොත්තු ඇතිව ආපසු ඒමනමුත් කිරිබොන ඈපා කළේ ඊට ඉඳුරාම වෙනස් දෙයක්. එනම් තමන් රැගෙන ගිය මාලය බලහත්කාරයෙන් ගෙදර උලුවස්සේ එල්ලා ඒම. මේ චාරිත් විරෝධී ක්රියාවත් සමඟ දෙමාපියන් වගේම අවට ගැමියන් කිරිබොන ඈපා ගැන කෝපයට පත් වුණා. වැඩේ වැරදුණු බව දැනගත් කිරිබොන ඈපා ගම්මානයට නෑවිත් අසළ වනයේ සැඟවුණා.

ඔය අතරේ වරින්වර ගමේ ගෙවල්වල සිටි ගවයන් නැතිවෙන්න පටන් ගත්තා. වගේම මෙසේ ගවයන් නැතිවුණු ගෙවල් අසළින් රාත්රියේ මහා අද්භූත හඬක්  නැගෙන්නට පටන්ගත්තා.

අසවල් ගස මුලින් බත් මුළක් ගෙනැත් තැබුවහොත් ගවයා ලැබෙනු ඇති.

ඒක තමයි අත්භූත හඬින් මතුවුණු පණිවිඩය. මේ අද්භූත හඬේ රහස කිරිබොන ඈපා සතු වූ විශේෂ දක්ෂතාවයක් . ඔහුට කටහඬ වෙනස් කොට අත්භූත ආකාරයන් හඬ නැගීමේ විස්මිත හැකියාවක් තිබුණා. කෙසේ හෝ මේ ගවයන් සොරාගැනීම අමනුෂ්යයින්ගේ වැඩක් යැයි සිතූ ගැමියන් අර අද්භූත හඬින් කියැවුණු විදියටම බත් මුලක් ගෙනැවිත්  නියමිත ගස අද්දර තැබුවා. එවිට කිරිබොන ඈපා කළේ තමන් විසින් රැගෙන සඟවාගෙන ගොස් සිටි ගවයන් නැවත රාත්රියේම නිවෙස් අද්දරට ගෙනැවුත් ලෙහා දැමීමයි. කෙසේ හෝ තමන්ගේ මේ සුවිශේෂ හැකියාව නිසා රාත්රී කාලයට අත්භූත හඬ නගමින් ගැමි ගෙවල්වල සිටි ගවයන් රාශියක් අතුරුදන් කරවීමටත් බත් මුලක් ලබාගැනීමෙන් පසු නැවත උන් ගැමියන් අතට පත්කිරීමටත් කිරිබොන ඈපාට හැකි වුණා.

මේ අතරේ කිරිබොන ඈපාට අපූරු අදහසක් පහළ වුණා. අනුව ඔහු කළේ තම සිත් ගත් තරුණියගේ නිවසේ සිටි කුඩා දරුවකු හෙමින් සීරුවේ නිවසින් පැහැර ගැනීමයි. මෙයින් මුලු ගම්මානයම කලබලයට පත් වුණා. නමුත් ඉන් දින කිහිපයට පසුව ඇසුණු අද්භූත හඬින් කියැවුණේ කලින් කියැවුණාට වඩා බරපතල දෙයක්. එනම් බත් මුලකුත් සමඟ අර කිරිබොන ඈපාගේ සිත් ගත් තරුණිය වනයේ කිසියම් ගසක් මුළට ගෙනැවිත් තබන ලෙසයි. එසේ නොකළ හොත් එම පවුල සේම මුලු ගමම විනාශ වන බව අත්භූත පණිවිඩයෙන් කියැවුණා. මෙය මහා භයානක අමනුෂ් ක්රියාවක් සේ සැළකූ ගැමියන් පණිඩිඩයෙන් පැවසුණු විදිහටම තරුණියත් බත් මුළකුත් නියමිත ගස යටින් තැබුවා. කෙසේ හෝ මේ කිරිබොන ඈපා තරුණිය හිමිකර ගැනීමෙන් තමන්ගේ පෙම් සටන දිනාගත් බවයි පැවසෙන්නේ.

දුනුමාලේ බිසෝ බණ්ඩාර දේවාලය 


මේ ජනප්රවාදයට මුල්වුණු කිරිබොන ඈපා සැඟවී සිටි  ගම කිරිබොන ඈපා මාලේ දුන්නු ගමනැතහොත් දුන්නු මාලේයන අදහසින් අදත් දුනුමාලේ නමින් හැඳින්වෙනවා. දුනුමාලේ බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්රිත්කයටත් සපරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්රික්කයටත් මායිමේ පිහිටි කෑගල්ල දිසාවට අයත් ගම්මානයක්. වගේම පසු කාලයක මේ කිරිබොන ඈපා ගම්පහ දිසාවේ වැසියන් අතර දේවත්වයට පත් වුණා. විශේෂයෙන් ගවයන්ට වැළඳෙන රෝගවලදී කිරිබොන ඈපාට බාරහාරවීමෙන් ඒවා සුවපත්වන බව අතීත ගැමියන් විශ්වාස කළා. නමුත් ගම්පහ දිස්ත්රික්කයේ පශු සම්පත ශීඝ්රයෙන් වඳවීගෙන යාමත් සමඟ මේ කිරිබොන ඈපා ඇදහිල්ලත් අභාවයට ගොසින්. අදවන විට මේ කිරිබොන ඈපා ඇදහිල්ල ගැන මතකයෙන් හෝ කීමට හැක්කේ දැනට ජීවිතයේ සන්ධ්යා භාගය ගෙවන ගැමියන්ට පමණයි.